ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්

මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම ආසයි. ඒ වගේම මුං කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙත් රසවත් ආහාරයක්. මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්.ආයුර්වේදයේදී ඔෟෂධ පිණිස ධාන්‍ය වර්ග භාවිත කරනවා. ඒ ඔෟෂධීය ධාන්‍ය වර්ග අතර මුංඇටවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සංස්කෘත භාෂාවෙන් මුං ඇට “මුද්ග” යන නමින් හඳුන්වනවා. ඉවීමෙන් ප්‍රමුඛ යන අරුතෙන් “සූපශේෂ්ඨ” යන අරුතිනුත්, හොඳ පල යන අදහසින් “සූපල” යන අරුතිනුත්, රස අතර ප්‍රධාන හෙවත් “රසෝත්තම” යන අරුතිනුත් මුං ඇට හඳුන්වනවා.වෙනත් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට හොඳින් ගුණය උරා ගන්නා ධාන්‍ය වර්ගයක් නිසා මුං ඇට පථ්‍ය ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උඳු, කොල්ලු, මයිසූර් පරිප්පු වැනි ධාන්‍ය වර්ගවලට වඩා මුං ඇට ගුණ දායක වෙනවා.මුං ඇට තම්බා හෝ වෑංජනයක් ලෙස වගේම මුං ඇට කොටා ගන්නා පිටිවලින් විවිධ කැවිලි වර්ග හදන්නත් පුළුවන්. ශරීරයට හිතකර ඒ සෑම ආහාරයක්ම ඉතාම ගුණදායකයි. ඒ වගේම මුං ඇට පැළකර ඒ පැළවලින් රසවත් වෑංජනයක් පිසින්නත් ඔබට පුළුවන්.මුං ඇට වතුර පිරවූ බඳුනකට දමා රැයක් වසා අඳුරු තැනක තැබූ පසු එහි සිහින් ලෙස පැළ හටගන්නවා.පසුව තෙත රෙදි කඩක ඔතා දවසක් තබන්න.අපුරුවට මුං පැලවී ඇත.ඒ මුං පැළවලින් රසවත් ගුණවත් වෑංජනයක් පිසගන්න ඔබට පුළුවන්. ඇමෙරිකාව වගේ රටවල මේ ආහාරය ඉතාම ප්‍රචලිතයි. මේ පැළකළ මුං ඇට දැන් ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලිනුත් ගන්න පුළුවන්. යකඩ, ප්‍රෝටීන, කාබෝහයිඩේ්‍රට් වැනි අධික පෝෂ්‍ය පදාර්ථ මේ ධාන්‍ය වර්ගයේ අන්තර්ගතයි.අධික ප්‍රෝටීන ගුණය නිසාම ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න දිනපතා මුං ඇට ධාන්‍ය වර්ගයක් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්. ඇතැම් පුද්ගලයන් නිර්මාංසව ආහාර අනුභව කරන නිසා ශරීරයට ප්‍රෝටීන් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නිර්මාංස අයට ශරීරයට ප්‍රෝටීන් ලබාදෙන්න ඉතාම සුදුසු ආහාරයක් තමයි මුං ඇට.ඉන්දියාවේ උදෑසන කිරි වීදුරුව වෙනුවට මුං ඇට තැම්බූ වතුර (ලුණු ස්වල්පයක් දමා) පානය කරනවා. එය ශරීරයේ රෝග රැසක් සුව කරන්න නිරෝගී සුවය අත්කරන්න සුදුසු ඉතාම ගුණවත් ඖෂධීය පානයක්.පැළ මුං ඇට යොදාගෙන ලොකු පොඩි කාටත් ගුණය ලබාදෙන රසවත් ආහාරයක් සාදන හැටි මම කියන්නම්. පැළ මුං ඇට කෝප්ප දෙකක් ගෙන එයට රටකජු කෝප්ප භාගයක් මිශ්‍ර කර ළිපේ තෙල් ස්වල්පයක් රත්කර ගන්න. තෙල් රත්වූ පසු පැළ මුං සහ රට කජු මිශ්‍රණය එයට මිශ්‍රකර අවශ්‍ය පදමට ලුණු, මිරිස්කුඩු සහ දෙහි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්න.

ඇති පදමට තැම්බුණාට පසුව මෙය ආහාරයක් ලෙස ගන්න. බාල – වැඩිහිටි ඕනෑම අයකුට ශරීර ශක්තිය වර්ධනයටත්, කෘශ ශරීර මහත් කරන්නටත්, මෙය ඉතාම සුදුසු ආහාරයක්. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා එක්තැන්වී ක්‍රම ක්‍රමයෙන් සුවය ලබන රෝගීන්ගේ ශරීරය රෝග ලක්‍ෂණ නිසා අප්‍රාණිකව වී කෘශ වී තිබීම සාමාන්‍ය දෙයක්.එවන් රෝගීන්ට සිරුර ප්‍රාණවත් කර නැවතත් ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත්, ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමටත් මුං ඇටවලින් සෑදූ සුප් එකක් දිනපතා දින කිහිපයක් පානය කිරීමට දීම ඉතාම යෝග්‍යයි. මුං ඇටවලින් සාදන මේ ඔෟෂධීය කැඳට ආයුර්වේදයේ “මුද්ග යුෂ” කියල හඳුන්වනවා.මුං ඇට තම්බා සාදා ගන්නා මේ සුප් එක බාල, මහලු සැමට ශරීර ප්‍රාණය වැඩිවීමටත් කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් පානය කළ හැකි ඉතාම ගුණදායක සුප් එකක්. ඒ වගේම මල බද්ධය රෝගයෙන් පෙළෙන රෝගීන්ටත් එයින් මිදීමට මේ සුප් එක දින කිහිපයක් උදේ සවස පානය කිරීම ගුණදායකයි.මුං ඇට කියන්නේ තරමක කෙඳි සහිත ආහාරයක්. ඇතැම් අයට කෑම දිරවීමේ අපහසුතාවක් පැමිණියහොත් මුං ඇට තැම්බූ දියර ඔහුට පානය කරන්න දෙන්න. කෑම දිරවීම ප්‍රකෘතිමත් කරනවා වගේම ශරීරයේ රුධිර ගමනාගමනයත් එයින් ක්‍රමවත් කරනවා.ඒ විතරක් නෙවෙයි සමහරුන්ගේ මුහුණේ, අතපය වල විවිධ කැපීම් නිසා නොමැකෙන කැළැල් පවතිනවා. ඇතැම් අවස්ථාවලදී එය තරමක මානසික වදයක් වන අවස්ථාත් තිබෙනවා. එවන් ලප කැළැල් මකා දමන්නත් මුං ඇට ඉතාම ගුණදායක ඖෂධයක්.ඔබ කළ යුත්තේ මුං ඇට ඇල්දියෙන් අඹරා, කැළැල මතුපිට පැලැස්තරයක් ලෙස ආලේප කිරීම පමණයි. දින කිහිපයක් අඛණ්ඩව මෙය කළොත් ක්‍රමක්‍රමයෙන් ලප කැළැල මැකී යන අයුරු ඔබට දැක ගන්න පුළුවන්.ඒ වගේම ඇල්දියෙන් ඇඹරූ මුං ඇට ද්‍රාවණය කිරි මවුවරුන්ගේ පියයුරුවල ආලේප කිරීමෙන් විටින් විට කිරි වැගිරීම වළක්වන්න පුළුවන්.ඒ වගේම සරම්ප, අතීසාර, පැපොල වැනි රෝගවලින් පෙළෙන අයට මුං ඇට පෙඟවූ වතුර විටින් විට පානයට දීමෙන් ඒ සියලුම රෝගයන්ගෙන් කෙමෙන් කෙමෙන් සුවයක් ලබන්න පුළුවන්.මුං ඇට කියන්නේ මුත්‍රා හොඳින් පිට කිරීමට උදව්වන හොඳ මුත්‍රකාරක ඔෟෂධයක්. මුත්‍රාශය, වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් පුද්ගලයන්ගේ ගල් දියකිරීමට මුං ඇටවලින් සාදාගන්න ඔෟෂධීය පානයක් මම කියන්නම්. මුං ඇට සහ තිරිඟු ඇට සමව ගෙන හොඳින් තළා කුඩුකර වතුර වීදුරුවකට දමා දියකර පැය කිහිපයක් වසා තබා රෝගියාට උදේ සවස දෙවරක් එය පානයට දෙන්න. මෙය දින කිහිපයක් අඛණ්ඩ කළොත් මුත්‍රා ගල්, වකුගඩු ආශි්‍රතව හටගත් ගල් දිය කිරීමට මේ ඖෂධීය පානය සමත්.ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ගල් හටගත් අයටත්, මුත්‍රා පිටවීමේ අක්‍රමිකතා ඇති අයටත් ගුණය දෙන තවත් ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගන්න අපට පුළුවන්. මුං ඇට හොඳින් තම්බා තලපයක් වගේ සාදාගෙන එයට දෙළුම් ඉස්ම සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න. දින කිහිපයක් ලෙස කළොත් වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමටත් මුත්‍රා පිටවීම ක්‍රමවත් කිරීමටත් මේ ඖෂධීය පානය ගුණදායකයි.දේශීය චිකිත්සාවේදී උන්මාදය, විෂාදය ආදී විවිධ මානසික රෝග සුවපත් කරන්නත් මුං ඇට ඔෟෂධයක් ලෙස භාවිත කරනවා. මුං ඇට පිටි සහ තිරිඟු පිටි ස්වල්පය බැගින් සමව ගෙන එයට ගිතෙල් ස්වල්පයක් හොඳින් මිශ්‍රකර දෛනිකව රෝගියාට පානයට දුන්නොත් ඕනෑම මානසික රෝගයක් කලක් යද්දී සුවකරගන්න පුළුවන්. ඒ තරමටම ඔෟෂධීය ගුණයක් මේ ශාකයේ පවතිනවා.

මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. අධික ලෙස සෙම ඇති අයෙක් යම් කිසි රෝගයක් සුව කිරීමට මුං ඇට ගන්නව නම් මඳක් කබලෙ බැද මුං ඇටවල සිසිල් ගුණය අවම කරල ගන්න. එවිට සෙම රෝගයෙන් පෙළෙන අයට ඒ රෝගය සුවපත් කිරීමටත් මේ ඖෂධීය ගුණය බලපාවී.මුං ඇට රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මුං ඇට අමු පිටි ස්වල්පයකට මී කිරි, මී පැණි සහ කහ ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කවලම් කර මුහුණේ ආලේප කළොත් මුහුණේ විෂබීජ නාශනය කිරීමටත්, ලප කැළැල් ඉවත් කර හම පැහැපත් කිරීමටත් එය ගුණදායකයි.මුං ඇට තුළ පවතින විශේෂ වූ පෝෂ්‍ය පදාර්ථ ගුණයන් නිසා සමේ පැහැපත් බවක් ලබන්න මේ ක්‍රමවේදය ඉතාමත් සුදුසුයි. මෙමඟින් මුහුණට කිසිම අහිතකර ලක්‍ෂණයක් ඇති වන්නේ නැහැ. මොකද මේ සඳහා භාවිත කරන ඖෂධ සියල්ලම ස්වාභාවික ඒවා නිසා.බොහෝ ඔෟෂධීය ආහාර වර්ග වුණත් දියවැඩියාව රෝගයට එතරම් සුදුසු නැති ඒව තිබෙනවා. නමුත් මුං ඇට දියවැඩියාව රෝගය සුව කරන්නත් ඉතාම ගුණදායකයි. සීනි පාලනයට වගේම විවිධ පිළිකා රෝග සමනය කරන්නත් මුං ඇටවලට පුළුවන්.පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිළිකා සුවයටත් මුං ඇට ධාන්‍යයක් ලෙස හෝ මුං කිරිබතක් ලෙස ආහාරයට ගැනීම වැදගත්. මුං ඇට කියන්නේ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයක්. ඒ නිසාම සම ආශ්‍රිතව හට ගන්නා පිළිකා සුව කරන්න මෙය දිව්‍යමය ඔෟෂධයක්.ඇතැම් ධාන්‍ය වර්ග තිබෙනවා අධික ලෙස ආහාරයට ගත්තොත් ශරීරය අසාමාන්‍ය ලෙස තරබාරු කරන. නමුත් මුං ඇට කොතෙක් ආහාරයට ගත්තත් අහිතකර ලෙස සිරුර තරබාරු වීමක් සිදු වන්නේ නැහැ. මොකද මුං ඇටවල තෙල් සහිත බව මේදය ඉතා අඩුයි.ඛනිජ ලවන, ප්‍රෝටීන් ඉතා අධිකයි. එබැවින් තරබාරුකමට වඩා, ශරීරය පෝෂණය කිරීමේ ගුණයක් සහ පිරිපුන් කිරීමේ ගුණයක් මුංවල පවතිනවා. ශරීරයේ හොඳ රුධිර පීඩනයක් ඇති කිරීමටත්, අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමටත්, කොලෙස්ටරෝල් නැති කිරීමටත් මුං ඇට ආහාරයක් ලෙස ගැනීම වැදගත්.

රස කාරක නැතිව කටට රසට

රස කාරක එකතු කරන්නේ නැතුව, කෑම වල රසය ගුණය වැඩි කර ගන්න පුලුවන් නම්, එය ඔබේ සෞඛයට ගොඩක් හිතකරයි නේද??? ඇත්තටම අද කාලේ ගෘහණියෝන්ට නම් රස කාරක නැතුව රසට උයන එක ගොඩක් අමාරු වෙලා තියෙනවා. එත් ඉස්සර අපේ අම්මලා , ආච්චිලා මේ කිසිම රසකාරක වර්ගයක් නැතුව හරිම රසට කෑම ටික ඉව්වා. රසට උයන වැඩේ හැමෝම අමාරුයි කියලා තමයි හිතන්නේ.ඒත් ඇත්තම කතාව නම් රසට උයන්න රස කාරක වර්ග අවශ්‍ය වෙන්නෙම නෑ. ඒ කොහොමද කියලා අද විශ්ම ලෝකයෙන් අපි කියලා දෙනවා. එහෙනම් අද ඉදන් කෑම උයන කොට මෙන්න මේ රහස් ඉහුම් පිහුම් ක්‍රම ටික අනුගමනය කරන්න. මේ දේවල් හරියටම ඉගෙන ගත්තා කියන්නේ ඉතින් රහට උයනවා කියන එක හරිම පහසු වැඩක් වෙනවා.අල වර්ග තැම්බීමේදී එයට ලුණු ස්වල්පයක් එකතු කරන්න. එවිට අලවල පෝෂණ ගුණ විනාශ වෙන්නේ නැතුව අල ව්‍යංජනය සකස් කර ගන්න පුළුවන් වෙනවා. එළවළු කපා ගැනීමට පෙර සෝදා කපන්න. නැත්නම් පෝෂණය නැති වෙන්න ඉඩ තියෙනවා. කරවල වල අධික ලුණු රසය අඩු කර ගැනීමට , ඒවා කුඩා කැබලි වලට කපා පොල් වතුර එකක සුළු වේලාවක් තිබෙන්න හරින්න. ඉන් පසුව පිස ගන්න. තම්බපු බිත්තරයක් දෙකට පලා ගැනීමේදී කහ මදය නොකැඩී බිත්තරය කඩා ගැනීමට, ඒ සදහා යොදා ගන්නා පිහිය අයිස් වතුරේ ටික වෙලාවක් තබා කපන්න. ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට , පාන් කුඩු ස්වල්පයක් වෑංජනයට එක් කරන්න. තැළිච්ච තක්කාලි පොඩි නොවී කපා ගැනීමට නම් ,විනාඩි 10ක් පමණ විනාකිරිවල බහා තබන්න. කපා ගත් පතෝල කැබලි , පිසීමට පෙර විනාඩි 5ක් පමණ , ලුණු වතුරේ තබා මිරිකා ගෙන පිසීමෙන් පතෝල ව්‍යංජනය වඩාත් රසවත් ලෙස සකස් කර ගන්න පුළුවන්.බත් පිසින විට බත් එකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න. එවිට බත් ඇට එකට ඇලෙන්නේ නෑ. ඒ වගේම තමයි බත් එකට හොඳ පැහැයක්ද ලැබෙනවා. බිත්තර තම්බන විට , එම වතුරට විනාකිරි හෝ ලුණු දමන්න. එවිට බිත්තර පුපුරා යෑමකින් තොරව තම්බා ගන්නට පුළුවන්.මාංස වර්ග තද ගතියක් ඇත්නම් බුරුල් කර ගැනීමට ගස්ලබු ගැටයක් කිරි පිටින්ම දමන්න. ඒ කියන්නේ කිරි ඉවත්කරන්නේ නැතුව ගෙඩිය හෝදලා දාන්න ඕනේ. මෙහෙම කරාම මාංස වර්ග මෙළෙක් බවකින් යුතුව උයා ගන්න පුළුවන්.පොලොස් වෑංජනය මෘදු කර ගැනීමට මෙන්ම වෑංජනය රත් පැහැ කර ගැනීමට , විට කන හුනු ස්වල්පයක් එක් කරන්න. රතු ලූනු සුද්ද කරන විට මඳක් උණුසුම් වතුරේ තබා ගත් පසු දෑස්වලට සැර වෙන්නේ නෑ. වෑංජනයකට දෙහි එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමෙන් පසුව දමන්න. නැත්නම් එහි ගුණය මෙන්ම රසයද අඩු වෙනවා හොද්ද කැටි ගැසීම වැළැක්වීමට ළිපෙන් බා ගත් පසු අඩුම තරමේ විනාඩි 2ක් වත් හැඳි ගාන්න ඕනේ. වෑංජනවලට අබ එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමට මොහොතකට පෙර අබ එකතු කරන්න. නැතහොත් අබ තැම්බී වෑංජනය තිත්ත රස වෙන්න පුළුවන්. ශීතකරණ ගත කළ මස් , මෘදු කර ගැනීමට පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න. එවිට මස් ටික බුරුල් වෙනකම් ගොඩක් වෙලා බලා ඉන්න ඕනේ නෑ. ශීතකරණයක් නොමැති නිවෙස්වල මිරිස් ගුළි අඹරා තබන විට ඒ මත ලුණු කැටයක් තියන්න. එවිට එම ලුණු කැටය දිය වී මිරිස් ගුළියේ තැවරීමෙන් නරක් වීමකින් තොරව තබා ගන්නට පුළුවන්.

හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ ඇපල් පෙත්තක් දමන්න. මෙහෙම දැම්මම හොද්දේ වැඩිපුර ලුණු ගතිය ඒවාට උරා ගන්නවා. පසුව ඒ ඇපල් පෙත්ත හෝ අල පෙත්ත හොද්දෙන් අයින් කරලා දාන්න. පොල්තෙල් කාලයත් සමඟ මුඩු වෙන්නේ බලනවනේ. මේ විදියට පොල් තෙල් මුඩු වෙන එක නතර කර ගන්න පුළුවන් පොල් තෙල් බෝතලයට ලුණු කැටයක් දැම්මොතින්. බත බෙරි වූ විට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මඟ හරවා ගන්නට පුළුවන්. මාළුවල පිළී ගඳ නැති කිරීමට මාළු සෝදන විට කහ කුඩු ස්වල්පයක් හා දෙහි ලෙල්ලක් අතුල්ලන්න. පුහුල්, කැකිරි කල් තබා ගැනීමට එහි නැට්ට වටේ පිහියෙන් කපා තබන්න. සුප්වලට පැණි ‍දොඩම් එක් කිරීමෙන් වඩා රසවත් ලෙස සුප් එක පිළියෙළ කර ගන්න පුළුවන්. මඳක් පිපිරුණු බිත්තර තම්බන විට විනාකිරි යොදා ගතහොත් බිත්තරය පිටතට විසිරීම වළක්වා ගන්න පුළුවන්.මිරිස් බදින විට පොල්තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් මිරිස් සැර අවට විසිරීම වැළකෙනවා. මී පැණි කිසිදු වෙනසකින් තොරව කල් තබා ගැනීමට අවශ්‍ය නම් එයට මිරිස් ඇටයක් දමන්න. බණ්ඩක්කා පිසින විට එයට දෙහි එක් කිරීමෙන් සෙවල ගතිය නැති වී වඩාත් රසවත් වෙනවා. කකුළුවන්, ඉස්සන් පිසින විට එයට මුරුංගා කොළ එකතු කර පිස ගන්න. එවිට ඒවායේ විස ඇතොත් විනාශ වී යනවා. පලා මැල්ලුමට , පොල්තෙල් හෝ එළඟි තෙල් එකතු කරලා මලවා ගත්තොත් , පලා මැල්ලුම ඉතාම රසවත්ව හා ගුණයෙන් වැඩි ලෙස හදා ගන්න පුළුවන්. මිරිස් බදින විට විනාකිරි වල දමා බැදීමෙන් වඩාත් රසවත් කර ගන්න පුළුවන්. බත් එක රොස් උනොත් මොකද කරන්නේ. රොස් වූ බත් බඳුන ඇල් වතුර බඳුනක් මත තබා දුම් පිට වූ පසු එහි රොස් ගතිය , දුගඳ ඉවත් වෙනවා. කොහිලවල නූල් ඉවත් කර ගැනීමට නම් ලුණු කැට ස්වල්පයක් එකට මිශ්‍ර කර ඉවත් කරන්න. කොළ ජාති මැලවී යෑම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න.එහෙනම් යාලුවනේ මීට පස්සේ කෑම උයන කොට මේ සරල ක්‍රම ටික හොදින් මතක තියා ගන්න. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් තවත් අයට බලන්න පහලින් ශෙයා කරන්න.

 

ශක්තිය දුබල කරවයි

විනාඩි දෙකක් දෙන්නකෝ ටක් ගාලා මම නාගෙන එන්නම්”“ඔයා දන්නවද මට නාන්න යන්නෙ තත්පර ගාණයි”නූතනයේ බොහෝ දෙනා පෙළන කාලය සමග පවතින නොනවතින සටන අතරතුර නෑම සඳහා වැය කිරීමට ඉතිරිවන කාලය ගැන කියැවෙන කතාවට ඌන පූරණයක් සපයන දෙබස් කීපයකි ඒ. ආයුර්වේදයට අනුව හොඳ නෑමක් යනු ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් ඉතා හොඳින් පිරිසිදු වන ලෙස සිදුකරන්නකි. ශරීරයේ ඇති කුණු, දූවිලි, මැරුණු සම වැනි මළ කොටස් හොඳින් ඉවත්ව යන ලෙස අතුල්ලා පිරිසිදු කර ගැනීම හොඳ නෑමකි. යන්තමට ශරීරය තෙමා ගැනීම නෑමක් වන්නේ නැත. එසේම හොඳ නෑමකින් ශරීරයට ලැබෙන්නේ පවිත්‍රතාවය පමණක්ම නොවේ. වතුරකට බැස නෑමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන නමුදු එය සිදුකිරීම සැම විටම ප්‍රායෝගික නොවන බැවින් ප්‍රමාණවත් තරමට නා ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. එසේම ප්‍රමාණවත් තරමට නොනෑමද විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු වනු ඇත. හොඳ නෑමකින් ශරීරය පිරිසිදු වනවාට වඩා ප්‍රතිලාභ ලැබේ. ආයුෂ වර්ධනයට සේම ශරීරයේ බලය වැඩිකිරීමටද නෑම සමත්ය. ශරීරයට දැනෙන වෙහෙස සේම අධික දහඩිය පිටවීම අඩු කිරීමද නෑමකට කළ හැකිය. හෘදයට ගුණදායක ප්‍රතිඵල රැගෙන එන නෑමෙන් සිතේ තෘප්තිය සතුට වැඩි කිරීමට හේතුවන බවද ආයුර්වේදයේ සඳහන්වෙයි. එසේම සිරුරට දැනෙන ඈලිමෑලි ගති පලවා හැරීමට රුධිරය පිරිසිදු කිරීමට සේම ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයටද හොඳ නෑමක් හේතුවන බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. මේ සියලු යහපත් ප්‍රතිඵල අත්කරගත හැක්කේ පිරිසිදු ඇල් ජලය නෑම සඳහා භාවිතා කරනවා නම් පමණි. උණු වතුර නෑම අද සමාජයේ ජනප්‍රිය වී තිබෙන නමුත් එය සෞඛ්‍ය සම්පන්න බවට හිතකර වන්නේ නැත. උණු වතුර නෑම, සෙම් සහ වාත රෝග වලට ප්‍රතිකාරයක් ලෙස දක්වා තිබේ. නමුත් නිතර උණු වතුර නෑම හිසකෙස් වලට ඇස්වලට ඉතාම අහිතකරය. අකලට හිසකෙස් පැසීමට, හිසකෙස් ගැලවීයාමට මොනතරම් නම් ප්‍රතිකාර ලබා ගත්තද උණු වතුර නානවා නම් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය.cවිශේෂයෙන් බෙල්ලෙන් ඉහළ කොටසට උණු වතුර ගුණ දෙන්නේ නැත. එය ඇස්වල ශක්තිය පෙනීම දුබල කිරීමටද හේතුවකි. ඉතා අධික ලෙස වෙහෙසට පත්ව සිටින විටෙක උණු වතුර නෑම ඔසුවක් සේ විය හැකිය. නමුත් නිතිපතා උණු වතුර නෑම සෞඛ්‍යයට හිතකර නොවේ. එය සමට ඇස්වලට හිසකෙස් වලට අහිතකර ප්‍රතිඵල රැගෙන ඒම වළකනු අසීරුය.

ඔබේ ආකර්ෂණය අඩු වෙන්න බලපාන ඔබේම අඩුපාඩු 8ක්

ඔබ සතුටින් ඉන්නේ නැද්ද? -ඔබේ මුහුණෙන් සතුට පෙනෙන්නේ නැද්ද? ජිවිතයේ මොන තරම් දුක් බර සිදුවීම් සැඟවිලා තිබුණත් හිනා මුසු මුහුණින් ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඇත්තෙන්ම සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ ඔවුන්ට. විශේෂයෙන්ම සතුටින් ඉන්න කාන්තාවකට සමාජයේ ආකර්ෂණය හිමි වෙනවා වැඩියි. ඉතින් ජීවිතයේදී ඇති වන ගැටළු වලදී මුහුණ එල්ලගෙන, පැත්තකට වෙලා දුකින් ඉන්න එපා. එහි අලාභය ඔබටමයි.අමුත්තෝ එක්ක කතා කරන්නේ කාලගුණය ගැනද? – ඔබට හමුවෙන අය එක්ක ගැඹුරු මාතෘකා ගැන කතා කරන්න ඔබ කවදාවත් පෙළඹෙන්නේ නැද්ද?“හරියට වැස්ස නේද?”, “ට්‍රැෆික් එක වැඩියි නේද?” වගේ ප්‍රශ්නයක් දෙකක් කතා කරලා ඔබ නිහඬ වෙනවද? එතකොටත් ඒ සංවාදය එතනින් නිමා වෙනවා විතරයි. හැබැයි ඒ වෙනුවට පොඩ්ඩක් ගැඹුරු මාතෘකා පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්න. එය ඔබට ආකර්ෂණය හිමි කර ගන්න උදව් වෙන හේතුවක් වේවි.ඔබ නිදි මරන්න කැමතිද? – නිදි මැරීම සහ සමාජයේ ආකර්ෂණය අහිමි වීම අතර පැහැදිලි සබඳතාවයක් තියෙනවා. නිදි මරණ කෙනෙකුගේ දෙනෙත් මලානිකයි. එම තැනැත්තාගේ පෙනුම හරිම වෙහෙසකාරියි. සමහර විට දිවා කාලය පුරාවට ඔහු හෝ ඇය ඉන්නේ නිදි බරව. එහෙම නැත්තම් ඈනුම් යව යවා. ඉතින් කොහොමද ඒ වගේ පුද්ගලයෙක්ට සමාජය ආකර්ෂණය වෙන්නේ? ඔබට විහිලු තේරෙන්නේ නැද්ද? – පිරිසක් එක්ක ඔබ ඉන්නකොට මොනා හරි විහිලු කතාවක් කියවෙනවා, එහෙම නැත්තම් මොනවා හරි හිනා යන සිදුවීමක් සිදු වෙනවා. එතන ඉන්න හැමෝම හොඳටම හිනා වෙනවා. හැබැයි ඔබට හිනා යන්නේ නැහැ. එක්කෝ ඔබට විහිලු තේරෙන්නේ නැහැ. නැත්තම් ඔබ හිතා මතාම හිනා වීමෙන් වැළකිලා ඉන්නවා.අපෝ ඔය මෝඩ ජෝක් වලට මට හිනා යන්නේ නැහැ.” වගේ සිතුවිල්ලක් හිතේ තියාගෙන තමයි ඔබ හිනා නොවී ඉන්නේ. අපොයි, එහෙම කෙනෙක්ට සමාජය කොහොමටවත් ආකර්ෂණය වෙන්නේ නැහැ.ඔබ රතු පාට ඇඳුම් අඳින්නේ නැද්ද?සමහර පුද්ගලයන් විවිධ මිත්‍යා විශ්වාසයන් නිසා රතු පාට ඇඳුම් ඇඳීමෙන් වැළකිලා ඉන්නවා. රතු පාට කියන්නේ ආදරයේ, හැඟීම්බර බවේ සංකේතය. එහෙමයි කියලා ඔබ හැමදාම රතු පාට අඳින්න ඕනේ නැහැ. ඉඳ හිට රතු පාට අඳින පුද්ගලයන්ට සමාජයේ ආකර්ෂණය ඉබේටම හිමි වෙනවා.තනි වෙලා ඉන්න ඔබ කැමතිද? – තනි වෙලා ඉන්න පුද්ගලයෙක්ට සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ හරිම අඩුවෙන්. පිටතින් බලන කෙනෙක්ට ඔබව වඩාත් සුන්දරව පෙනෙන්නේ මිතුරන් පිරිසක් එක්ක එකතු වෙලා විනෝදයෙන් ඉන්නකොටයි. ඔබ හැමදේම තනිවම කර ගනිද්දී, තනිවම ගමන් යද්දී ඔබව එතරම් ආකර්ශනීය ලෙස දිස් වෙන්නේ නැහැ.ඔබ නිහතමානි නැද්ද?හැම වෙලේම තමන්ගේ ආඩම්බරකම් කියවන, තමන්ගෙන් සිදු වන වරදක් කිසි දිනක පිලිනොගන්න කෙනෙක්ට සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද ? තමන්ගේ තුල කිසිම වරදක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක, ඒ බව පුන පුනා අනිත් අයට පවසන්නට යාම ඔබේ ආකර්ෂණය අඩු කරන හේතුවක්.පමණට වඩා අනුන් තේරුම් ගන්නට යාම,තවකෙකු තේරුම් ගැනීම හොඳ දෙයක් තමයි. හැබැයි පමණට වඩා අනිත් පුද්ගලයන්ව තේරුම් ගන්නට යාම, ඔවුන් ඔබෙන් අපේක්ෂා කරන හැම දේම ඉටු කර දෙන්නට උත්සාහ කිරීම, බලෙන් උදව් කරන්නට යාම වගේ දේවල් ඔබේ ආකර්ෂණය අඩු වීමට හේතුවක් වෙනවා. ඇත්තෙන්ම පමණට වඩා තමන් ගැන උනන්දු වෙන, පමණට වඩා තමන්ට සහාය වන්නට එන පුද්ගලයන් ගැන සමාජය බිය වෙනවා.

මේ ලිපිය බලන්න

1. ගාපු ගමන් සුදු වෙන්නේ කොහොමද ?ඔබ දන්නවා ගොඩක් සුදු වෙනවා කියන නිෂ්පාදන ආලේප කළ විගසම සම ගොඩක්ම සුදුපාට වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියල ඔබ මොහොතකට වත් හිතුවද ? සම සුදු කරන නිෂ්පාදන වල විරංජන කාරක හෙවත් bleeching අඩංගු වෙනවා. ඒවගේ ප්‍රධාන සංඝටකය තමයි රසදිය. ලංකාවේ පැහැපත් කිරීමේ නිෂ්පාදන වල අධික ප්‍රමාන වලින් රසදිය අඩංගු බව ලංකා පාරිභෝගික අධිකාරිය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වුනා.ලංකාවේ සම්මතයට අනුව ආලේපන කිලෝ එකකට රසදිය මිලිග්‍රෑම් 1 ක් පමණක් ඇතුලත් විය යුතු වුනත් කනගාටුවට කාරණය වුනේ ඇතැම් නිෂ්පාදන වල එම අගය මිලිග්‍රෑම් 51,000 පමණ බව හෙළිවුණා. පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පවසන ආකාරයට ලෝකයේ වැඩියෙන්ම රසදිය අඩංගු සුදු වීමේ නිෂ්පාදන තිබෙන්නේ ලංකාවේ කියන කාරනාව ගොඩක් කණගාටුදායකයි.2. රසදිය ඇතිකරන සෞඛ්‍ය ගැටළු.චර්මරෝග විශේසඥ වෛද්‍ය ශ්‍රියානි සමරසේකර මහත්මිය පවසන ආකාරයට මේ රසදිය අඩංගු නිෂ්පාදන ආලේප කිරීමේ ලොකුම හානිය වෙන්නේ වකුගඩු වලටයි. රසදිය යනු පිළිකා කාරකයක් වන අතර සම හරහා ගොස් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ තැම්පත් වේ. ශරීරයේ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය පවා හීන කරවන අතර කල් යාමේදී සමේ අසාත්මිකතා හට ගනී.3. ඔබ පමණක් නොවේ ඔබේ දරුවන්ද හානියට ලක් වේ.තරුණියන් මේවා ආලේප කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ අපගෙන් උපදින දරුවන්ගේ සෞඛ්‍ය පවා රසදිය මගින් තර්ජනයට ලක් කරන නිසයි. කුඩා දරුවන්ගේ බුද්ධිය වර්ධනය අවම වීම , රෝග හට ගැනීම බහුලව දක්නට ලැබේ.4. ගැහැනියකගේ වටිනාකම තීරණය කරන සාධකසමේ සුදු හෝ කළු පැහැය මත නොව ගැහැනියක් සම්පූර්ණ වෙන්නේ ඇයගේ ආකල්ප, පෞර්ෂත්වය සහ හැකියාවන් මතය. කාන්තා ඔබ පෞර්ශමත් ලෙස හිතන විට , ඔබේ උපතින් ලද ශරීර වර්ණය පිළිගැනීම එක්ක ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඝර්ම කලාපික රටක උපන් අප කොහොමත් තද හිරු රශ්මිය නිසා සම අවපැහැ වීමට ලක් වෙනවා. ඉතින් ලැබුන වර්ණය සුන්දර බව ඔබ මතක තබා ගන්න ඕනේ.5. සුදු වෙන්න නෙවෙයි පැහැපත් වෙන්න උත්සහ කරන්න.උපතින් ලද සමේ වර්ණය ඒ විදිහටම තිබෙද්දී සම ලස්සන කර ගන්න උත්සහ දරන්න. අවුවේ යන එක අඩු කරන්න. යන හැම විටම තොප්පියක් දැමීම, කුඩයක් ගෙනයාම කරන්න. SPF අගය 30 ක් වගේ සන් ස්ක්‍රීන් ක්‍රීම් එකක් පිහිනීම වැනි දේවල තද අවුවේ යෙදෙද්දී අනිවාර්යයෙන්ම පැය දෙකකට වරක් ආලේප කරන්න.සම හොඳින් පිරිසිඳු කරන්න. මාස 3 කට වරක් වත් ක්ලීන් අප් එකක් කර ගන්න. කුරුලෑ , ලප . කැළැල් තියනවා නම් සම පිලිබඳ වෛද්‍ය වරයෙක් හමු වෙන්න. හිතු මතේ එක එක්කෙනා කියන දේවල් ගාන්න යන්න එපා. ඔබේ සම වගේම ඔබේ සෞඛ්‍යත් ඔබේම වගකීමක්.අනාගත පරපුර බිහි කිරීමේ වගකීම කාන්තා අපේ උරමත වැටිලා තිබෙනවා. එහෙනම් අපි අත්තනෝමතිකව සුදුවෙන විකාර අදහස් දුරුකරමු. අපිට ලැබුන සම ගැන ආඩම්බර වෙමු. අපේ උගත්කම් , හැකියා වර්ධනය කරගන්නට මහන්සි වෙමු.

පිළිකාවක් කලින් හඳුනා ගනිමු

ලොව පුරා රෝගීන් බහුලව මියයන රෝගයක් ලෙසට “පිළිකා රෝගය” හඳුනා ගෙන ඇත්තේ අනාදිමත් කාලයක සිටය.වසරකට පිළිකාව හේතුවෙන් ලොව පුරා පුද්ගල මරණ මිලියන 9.6 පමණ වාර්තා වෙන අතර එය සැබෑවටම අවාසනාවන්ත තත්ත්වයකි. සෞඛ්‍ය දත්තයන් පෙන්වා දෙන්නේ දකුණු ආසියානු රටවලට සාපේක්‍ෂව බටහිර රටවල පිළිකාවට ගොදුරු වන්නන්ගේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.බටහිර රටවල ජීවත්වන ආසියානුවන්ට පවා එරට ජීවත් වන්නන්ට සාපේක්‍ෂව පිළිකා ඇතිවීමේ අඩු ප්‍රවණතාවක් දක්වන බව හඳුනාගෙන ඇත.මෙරට දත්තයන්ට අනුව වසරකට 23000 ක් පමණ පිළිකා රෝගය හඳුනාගත් නවක රෝගීන් රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. එසේම පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් මෙම සංඛ්‍යා දත්තයන්ට ඇතුළත් නොවෙන බැවින් වාර්ෂික රෝගය අලුතින් හඳුනාගන්නා රෝගීන් මීට වඩා වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.පිළිකාවක් යනු සිරුරේ සෛලවල ඇති අසාමාන්‍ය වර්ධනයකි. එසේත් නොමැති නම් සිරුරේ යම් ස්ථානයක විකෘති සෛල වර්ධනයකි. එම අසාමාන්‍ය සෛල වර්ධනයේදී අවට පටක විනාශ වීමක් හෝ අවට පටකවලට පැතිරීමක් දක්නට ලැබීම පිළිකාවකදී සාමාන්‍ය පරිදි දැකගත හැකිය.ගැහැනු – පිරිමි බේදයක් නොමැතිව වැළඳෙන පිළිකා වර්ග අනුව වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ පිරිමින් අතර බහුල ලෙසට වැළඳෙන පිළිකාව ලෙසට හඳුනාගෙන ඇති මුඛ සහ උගුර ආශ්‍රිත පිළිකාවන් බව සෞඛ්‍ය අංශ කියයි.පෙනහලු පිළිකා, ගලනාල පිළිකා, මහ බඩවැළ ආශ්‍රිත පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථය ආශ්‍රිත පිළිකා වශයෙන් අනතුරුව රෝගීන් වැඩිපුරම වාර්තා වේ.ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවය. ගැබ් ගෙල පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ මහ බඩවැල ආශ්‍රිත පිළිකා අනුපිළිවෙළින් රෝගීන් වාර්තා වේ.පිළිකාවට බලපාන හේතූන් –  දුම්පානය, මත්පැන් පානය සහ බුලත්විට කෑම වැනි සෞඛ්‍ය පිරිහෙන ඇබ්බැහි කාරකයන්ට පුරුදු වී සිටීම.මානව පැපිලෝමා වෛරසය (Hpv) ශරීගතවීම. (ගැබ් ගෙල පිළිකාව ඇතිවීමට ඍජු ලෙසම බලපානු ලබයි.)පාරිසරික සාධක,එළවළු, පලතුරු ආහාරවේලට අඩුවෙන් එක්කර ගැනීම. තෙල් බහුල ආහාර, සැකසූ ආහාර සහ කෘත්‍රිම ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීම. ව්‍යායාම අඩුකම හෝ ව්‍යායාම නොකිරීම.ස්ථූලභාවය.සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවන් නිසි පරිදි සිදු නොවීම.පවුලේ ලේ ඥාතීන් කිහිප දෙනෙකුගෙන් පිළිකා රෝගය වාර්තාද, රෝගයට අවදානමක් විය හැකිය.

එක් එක් පිළිකා වර්ගයට ඇතිවන මූලික රෝග ලක්ෂණ පියයුරු පිළිකා: පියයුරුවල හෝ කිහිලි ප්‍රදේශයේ ගැටිති ස්වභාවයක් ඇතිවීම, තන පුඩුවලින් ශ්‍රාවයක් හෝ ලේ පිටවීමක් සිදුවීම, පියයුරු බාහිර පෙනුම වෙනස් වීම.මුඛ කුහරයේ පිළිකාව: මුඛයේ සුව නොවන තුවාල, සුදු හෝ රතු පැහැ ලප ඇතිවීමඋගුරේ පිළිකාවක් වර්ධනය වන විට: සති දෙකකට වඩා පවතින උගුරේ වේදනාව, බෙල්ලේ ගැටිති ඇතිවීම, කටහඬේ වෙනසක් සති දෙකකට වඩා පැවතීම.ස්වරාලය ආශ්‍රිත පිළිකා: සති දෙකට වඩා වැඩි කාලයක් කටහඬේ වෙනස්වීම ඇතිවීම.ගලනාළය සහ ආමාශගත පිළිකාවකදී: ආහාර ගිලීමේ අපහසුතාව සති දෙකකට වඩා වැඩි කාලයක් තිබීම. මෙහිදී ආහාර ගැනීමේදී නිතර සිරවෙන ගතියක් ඇතිවේ, ආහාර අරුචිය, බඩ පිපුම, වමනය සහ ඔක්කාරය සති දෙකෙකට වඩා තිබීම.පෙනහලු පිළිකාව: සති දෙකකට වඩා පවතින කැස්ස හෝ හතියකැස්ස සමඟ ලේ පිටවීම, පපුවේ වේදනාවමහාන්ත්‍රය සහ ගුද මාර්ගය: මල පහ පිටවීමේ රටාවේ වෙනසක් සති දෙකකට වඩා පැවතීම, උදරයේ වේදනාව, මල සමඟ ලේ පිටවීම, ගුද මාර්ගයේ ගැටිති ඇතිවීමගර්භාෂයේ සහ ගැබ්ගෙල පිළිකාව: යෝනි මාර්ගයෙන් අස්වාභවික ලෙස ලේ පිටවීම (ආර්තවාභාවයෙන් පසු හෝ ආර්තව චක්‍රයේ පිට), ලිංගික ක්‍රිියාවලියෙන් පසු යෝනි මාර්ගයෙන් ලේ පිටවීම, යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීමඩිම්බ කෝෂ පිළිකා: බඩ පිපුම, උදරය විශාල වීම සහ උදරයේ වේදනාව, මල පිටවීමේ රටාවේ වෙනසක් සහ දෙකකට වඩා පැවතීමමුත්‍රාශ්‍රයේ පිළිකා: මුත්‍රා සමග ලේ පිටවීම,වෙනත් පිළිකා තත්ත්වයන්වලදී: දෛනික කටයුතුවල බාධා කරමින් පවතින හිසදරය, කොන්දේ වේදනා සහ ඇස්කහ වීම.මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් පිළිකා “රෝගයක්” යැයි නිශ්චිතව කිව නොහැකිය. ඉහත රෝග ලක්ෂණ ඇති අයෙකුට යම් සැකයක් ඇතිනම් රෝගය පිළිබඳ විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරයකු වෙත යොමුවී, මූලික පර්යේෂණයට භාජනය වී, රෝගය නිශ්චිතව හඳුනාගැනීම ඉතාම වැදගත්ය.

ප්‍රතිකාර – ඇතිවූ පිළිකාවේ ස්වභාවය අනුව පිළිකා රෝගීන්ට ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර නියම කෙරේ.මූලික අවස්ථාවේදීම හඳුනාගත් පිළිකාවක් නිට්ටාවට සුවකර ගැනීමට විකිරණ ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වඩාත් යෝග්‍යය. මූලික අවස්ථාවේදී ඖෂධ ප්‍රතිකාර පමණක් සිදුකිරීමෙන් ලැබෙන්නේ අඩු ප්‍රතිඵලයකි. ඖෂධීය ප්‍රතිකාර වලින් බොහෝ විට සිදුවන්නේ පිළිකා ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාරී කිරීමය.වළක්වා ගැනීමට – ලංකාවේ සමස්තයක් ලෙස බොහෝ පිළිකා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ රෝගය උත්සන්න වීමෙන් පසුවය. නමුත් රෝග ලක්‍ෂණ මතුවීමට පෙරද වලක්වා ගත හැකි පිළිකා වර්ග කිහිපයක් තිබේ.ඒවා නම්,පියයුරු පිළිකා: මැමෝග්‍රෑම් පරීක්‍ෂාවක් මගින් පියයුරේ ඇතිවන වෙනස්කම් කලින් හඳුනාගත හැකි වේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 50-70 අතර වයසේ පසුවන්නන්ට වසර දෙකකට වරක් මෙම පරීක්‍ෂණය කරගන්නා ලෙසට වෛද්‍යවරු නිර්දේශ කරති.ගැබ්ගෙල පිළිකා: පැප් පරීක්‍ෂාවක් මගින් මානව පැපිලෝමා වෛරසය ශරීරගත වී ඇද්දැයි කලින් හඳුනාගත හැක. වයස අවුරුදු 35 වැඩි විවාහක කාන්තාවන්ට මෙම පරීක්‍ෂණය සිදුකර ගත හැකිය.මහා අන්ත්‍රයේ පිළිකා: අසූචි සාම්පලයක් පරීක්‍ෂා කර ඇසට නොපෙනෙන ලේ වහනයක් සිදුවේ යැයි බලා, මූලික අවස්ථාවේදීම මෙම පිළිකාව හඳුනාගත හැක.මුඛ පිළිකා: දුම්වැටි, මත්පැන් සහ බුලත්විට කන අයෙකුනම් තම මුඛය ගැන නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුය. මෙම ඇබ්බැහිවීම්වල නිරත වන්නෙකු නම් අවම වශයෙන් මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු විය තුය.පෙනහලු පිළිකා: දුම්පානය කරන්නෙකුට පෙලහලු පිළිකාව ඇතිවේ යැයි සැකයක් ඇත්නම්. සී.ටී. ස්කෑන් පරීක්‍ෂාවකට භාජනය විය හැකිය.ලේ ඥාතීන් කිහිප දෙනෙකු අතර පිළිකා වාර්තා වීමක් සිදුවන්නේ නම්, ජානමය පරීක්‍ෂාවන්ට රෝගීන් භාජනය කෙරේ.පිළිකාවක්ද යන්න නිවැරැදිව තහවුරු කරගැනීමට රෝගය වර්ධනය වන බවට විශ්වාස කරන ශරීර කොටසින් පටක වාර්තාවක් ලබාගත හැකිය.ඊට අමතරව සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ, MR 7 පරීක්‍ෂණ ආදියද මූලික වශයෙන් පිළිකාව හඳුනාගැනීමට අවශ්‍යතාව අනුව සිදුකෙරේ.

දිමුත් හා තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවය නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) සිව්වැනි දිනයටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කිරීමට සමත් වූයේ හෙට (18) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් ලබා දෙමිනි.සිව්වැනි දිනය සඳහා තරගය නවතා දමන විට සිය දෙවන ඉනිම කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 133ක් වාර්තා කරගෙන සිටින්නේ සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 135ක් පසුපසින් සිටියි.ඊයේ රාත්‍රියේ දී සහ අද උදෑසන කාලයේ දී ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් මේ තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වූයේ මිනිත්තු 50ක ප්‍රමාදයකට පසුවයි. ඊයේ දිනය (16) සඳහා තරගය නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටිමිනි.දකුණතින් පිතිකරණයේ නිරත වන බී. ජේ. වොට්ලින්ග් හා විලියම් සමර්විල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් හෙමින් සීරුවේ ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැංවූ අතර සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙනිය හා අකිල දනංජය හට ඔවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳ හෙලීමට නොහැකි විය.නමුත් ලහිරු කුමාර ක්‍රියාත්මක කළ දිනයේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී පන්දු 173කට මුහුණ දෙමින් 4 පහර 6ක් සමඟ ලකුණු 77ක් ලබාගෙන සිටි වොට්ලින්ග් දැවී ගියේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව නිරෝෂන් දික්වැල්ල විසින් සාර්ථක ලෙස රැක ගත් නිසාවෙනි. සමර්විල් හා එක්වූ ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු පුවරුව තවදුරටත් සවිමත් කරමින් 9 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 36ක අගනා හා වටිනා සබඳතාවයක් ගොඩනංවන ලදි. 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 26ක් වාර්තා කරගෙන සිටි බෝල්ට් කුමාරගේ පන්දුවකට දැවී ගියේය. අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අජාස් පටෙල් හා සමර්විල් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු වාර්තා කර ගනිමින් පිළිවෙළින් ලකුණු 40*ක් හා ලකුණු 14ක් ලබා ගත් අතර නවසීලන්ත දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පටෙල්ව දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 268ක ඉලක්කයක් ලබා දී තිබේ. කෙසේ නමුත් ගාලු තණතීරුවේ සිව්වැනි ඉනිම පිතිකරණය සඳහා එතරම් පහසු නොවන නිසා ඉතාමත් හොඳ ටෙස්ට් ක්‍රිකට් තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ලැබී ඇත.පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ඇඹුල්දෙණිය ලකුණු 99කට කඩුලු 4ක් දවා ගනිමින් නවසීලන්ත දෙවන ඉනිම සුනුවිසුනු කර දමන ලදි. ඊට අමතරව ධනංජය හා ලහිරු අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් බෙදී ගියේය. අකිල දනංජය කඩුලු එකයි.දිවා ආහාරයට පසුව ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අදිටන ඇතිව පිටියට පැමිණි වමතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සිව්වැනි දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 133ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් මෙතෙක් වාර්තා කර ගත් හොඳම සබඳතාවය බවට වාර්තා පොත් අලුත් කළ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ශතක සබඳතාවයක් ගොඩනැංවූයේ ටෙස්ට් ඉනිම 21කට පසුව වීම ද සුවිශේෂී වේ. කෙසේ නමුත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට නවසීලන්ත පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් නායක කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 71*ක් (4 පහර 2) ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර තිරිමාන්න ද නොදැවී ලකුණු 57*ක් (4 පහර 4) රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියි. තිරිමාන්න අද දිනයේ දී වාර්තා කර ගත්තේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

දිමුත් හා තිරිමාන්නගේ සාර්ථක ආරම්භයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනක

නායක දිමුත් කරුණාරත්න සහ ළහිර තිරිමාන්න ආරම්භක කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 133ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් සිව්වන දිනය ( 17 ) අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටියහ. අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සිව්වන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් ලබා සිටියේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට කඩුලු 10ක් ඇතැතිව තවත් ලබාගත යුතුව ඇත්තේ, ලකුණු 135ක් පමණි. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් රීඩාංගණයේදී පැවැත්වේ.පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ( නොදැවී 71 ) සහ ලහිරු තිරිමාන්න ( නොදැවී 57 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.දිවා ආහාරයෙන් පසු ලකුණු 268 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය අද තරගය නිමාවන තෙක් පැය තුනහ මාරක පමණ කාලයක් කඩුල්ලේ රැදී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන්හ. නොදැවී ලකුණු 71ක් ලබා සිටින දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ලහිරු තිරිමාන්න ද සිය ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කලකට පසු ශ්‍රී ලංකාවට සාර්ථක ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරනු ලැබීය.සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 285ක් පමණි.ලකුණු 124 කට කඩුලු 6ක් දැවී අසීරු අඩියක පසුවූ නවසීලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබූ ටිම් සවුති සහ බී ජේ වොට්ලින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ටිම් සවුති පන්දු 62 කදී හතරේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සවුතිගේ දැවී යාමත් සමග පිටියේ එක්වූ වොට්ලින් සහ විලියම් සමර්විල් තෙවැනි දිනය වූ ඊයේ දිනට තරගය නතර කරන විටත් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටියහ. සිව්වන දිනය අරඹමින් අද උදෑසන පන්දුවට පහර දීමට පිටියට පිවිසි වොට්ලින් සහ සමර්විල් එක්ව නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 29ක් එක් කිරීමට සමත් වූහ. නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළ බීජේ වොට්ලින්, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවීයන විට ලකුණු 77ක් ලබා සිටියේය. නවසීලන්ත 9 වැනි කඩුල්ලට තවත් ලකුණු 36ක් එක්කළ විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු පුවරුව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට කටයුතු කළේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ලබා දෙමිනි.පළමු ඉනිමේදී අකිල ධනංජයගේ පන්දුව හමුවේ අසරණ වූ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන්ට දෙවැනි ඉනිමේදී ලසිත් ඇඹුල්දෙනියගේ පන්දු යැවීමේ හමුවේ යළිත් අසාර්ථක විය. නවසීලන්ත දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජිට් රාවල්ට සහ ටොම් ලේතන්ට පිටියේ සථාවර වීමට අවස්ථාව ලබා නොදුන් ධනංජය ද සිල්වා ලකුණු 4ක් ලබා සිටි ජිට් රාවල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. සිය පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී නායක කේන් විලියම්සන්ට නවසීලන්ත කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට අවස්ථාවක් හිමි නොවීය. ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් පෙරේරාගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි. කේන් විලියම්සන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර ද එක් ටෙස්ට් කරගයකට ක්‍රීඩාකර ඇතිමුත් එහිදී ද ඔහුට දක්ෂතා අතර එමට අවස්ථාවක් හිමි වී නැත. එහිදීද පළමු ඉනිමේදී ලකුණු නොලබාම දැවීගිය විලියම්සන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වී ඇත්තේ ලකුණු 10ක් පමණි.පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වූ රොස් ටේලර්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 99කට කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් බිද හෙලූහ.ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 50කදී කිසිවෙකු නොදැවී 133.( දිමුත් කරුණාරත්න නොදැවී 71, ලහිරු තිරිමාන්න නොදැවී 57 ).නවසීලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 106 කදී සියලු දෙනා දැවී ලකුණු 285.( ටොම් ලේතන් 45, හෙන්රි නිකලස් 26, බි ජේ වොට්ලින් 77, ටිම් සවුති 23, විලියම් සමර්විල් නොදැවී 40, ලසිත් ඇඹුල්දෙනිය 99/4 , ධනංජය ද සිල්වා 25/3 )ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 93.2කදී සියලු දෙනා දැවී ලකුණු 267.( දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 53 , ඇන්ජලෝ මැතිවුස් 50, නිරෝෂන් දික්වැල්ල 61, සුරංග ලක්මාල් 40, අජාස් පටෙල් 89/5, විලියම් සමර්විල් 83/3 ).නවසීලන්ත පළමු ඉනිම – පන්දුවාර 83.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249.( ජිට් රාවල් 33, ටොම් ලේතන් 30, රොස් ටේලර් 86, හෙන්රි නිකලස් 42, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4 )

ලක්මාල් – දික්වැල්ලගේ අගනා සබඳතාව වාර්තා පොත් අලුත් කෙරුවේ මෙහෙමයි.

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුනු 267 ක් රැස් කිරීමට සමත්වුනා. ඒ නවසීලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුනු 18 ඉදිරියෙන් සිය ප්‍රථම ඉනිම නිමාකරමින්. ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වෙමින් කෙටි විරාමයකින් පසු කණ්ඩායමට පැමිණි නිරෝශන් දික්වැල්ල පන්දු 109 කදී ලකුනු 61 ක් රැස්කිරීමට සමත් වුනේ ඉනිම හතරේ පහරවල් තුනකින් වර්ණවත් කරමින්. ඔහුට අගනා සහයෝගයක් ලබා දෙමින් සුරංග ලක්මාල්ද හයේ පහරවල් දෙකක් හා හතරේ පහරවල් තුනක් සමගින් ප්‍රශංසනීය ලකුනු 40 ක් ලබාගත් අතර. ඔවුන් දෙදෙනා අතරේ අටවන කඩුල්ලට ලකුනු 81 ක සබඳතාවක් ගොඩනැගී තිබුනා. මෙය වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගයක් තුල අටවන කඩුල්ලට ශ්‍රී ලංකා පිළෙන් වාර්තා වුන දෙවනි හොඳමල් සබඳතාව ලෙසයි. එම වාර්තාවේ ප්‍රථම ස්තානය උපුල් චන්දන හා තිලාන් සමරවීර විසින් ලබාගෙන සිටින අතර 2005 දී වෙලින්ටන් හී පැවතී ටෙස්ට් තරගයක් තුල අටවන කඩුල්ලට ලකුනු 89 ක් වාර්තා කරමින් ඔවුන් එම වාර්තාව තබා තිබුනී..

මෙරටට ගේන කිරිපිටි ගැන අලුත් අනාවරණයක්

මෙරට ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොමැති බවට විදේශීය පරීක්ෂණයකින් ද තහවුරු වී තිබෙනවා.පරීක්ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේදීයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම පරීක්ෂණය සඳහා යොමුකර ඇත්තේ, වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල බවයි.මෙරට ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම කිරිපිටි ආනයනයට අවසර දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද වගකිව යුතු බවයි.මෙම ප‍්‍රකාශය ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා කළ දැනුම් දීම මත වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල මෙලෙස පරීක්ෂණයකට යොමු කෙරුණා.ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි අවස්ථා කිහිපයකදී පරීක්ෂාවට ලක් වනවා. රේගු නිලධාරීන්ගේ පරීක්ෂණවලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු විසින් ද එම බහාලුම්වල නියැදි ලබා ගැනීම සිදු කරනවා.ඉන් අනතුරුව එම නියැදි පරමාණුක බලශක්ති අධිකාරියට යොමු කරන්නේ විකිරණ තිබේදැයි පරීක්ෂා කිරීම සඳහායි. ඊට අමතරව කිරිපිටිවල අඩංගු මේදයට අමතරව තවත් මේද වර්ග අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත ද එම කිරිපිටි නියැදි යොමු කිරීම සිදු වනවා.බැක්ටීරියා පරීක්ෂණය සඳහා කිරිපිටි නියැදි යොමු කරනු ලබන්නේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයටයි. කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගුදැයි පරීක්ෂා කිරීම සඳහා එම නියැදි කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කිරීම සිදු වනවා.මෙම ක්‍රියාවලියෙන් පසුව කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප‍්‍රමිති කාර්යයාංශය ද පරීක්ෂණයක් සිදු කරනවා. මෙලෙස සිදු කරන පරීක්ෂණවලින් එකක හෝ ගැටලුවක් ඇත්නම් අදාළ කිරිපිටි බහාලුම් ප‍්‍රතික්ෂේප කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.කිරිපිටි අඩංගු බහාලුම් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට පෙර කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මෙරට ආහාර පාලන ඒකකය විසින් අදාළ රටෙහි ආහාර බලධාරීන්ගෙන් සහතිකයක් ද ලබා ගනු ලබනවා.

අවසන් මහා තරගයේ පටලැවිල්ල සැප්තැම්බරයේ ලිහනවා

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුපිරි අවසානයක් ලබා දෙමින් සුපිරි පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරයේ දී නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් පන්දුව රැකගෙන කඩුල්ල වෙත එල්ල කළ අතර පන්දුව බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ගියේ එංගලන්තයට ලකුණු හයක් හිමි කර දෙමින්.මේ සිදුවීම ලොව පුරා විවිධ පාර්ශව වල විවිධ අදහස් දැක්වීම්වලට හේතු පාදක වූයේ අතේ මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) ඊයේ (14) නිවේදනය කර තිබුණේ මෙම සිදුවීම පිළිබඳ නැවත සොයා බැලීමක් එළඹෙන සැප්තැම්බරයේ දී පවත්වන්නට තීරණය කර ඇති බවයි.“ලෝක ක්‍රිකට් කමිටුව (WCC) පන්දු රැකීමේ දී බලපාන 19.8 නීතිය, 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ එම සිදුවීමේ දී ක්‍රියාත්මක වූ ආකාරය සාකච්ඡා කළා. WCC හිතනවා එම නීතිය පැහැදිලි කියලා. නමුත් 2019 සැප්තැම්බර් මාසයේ දී නීති පිළිබඳ උපකමිටුව එම සිදුවීම නැවත සොයා බලාවී.” MCCය නිල මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කර තිබුණා.එම සිදුවීමේ දී එංගලන්තයට ලකුණු හයක් වෙනුවෙන් ලකුණු 5ක් ලබා දිය යුතුව තිබුණා යැයි විවිධ පාර්ශව චෝදනා කර තිබුණා. කුමාර් ධර්මසේනගේ එම තීරණය තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් කළ තීරණයක් වූයේ බෙන් ස්ටොක්ස් එම ලකුණු හයත් සමඟ තරගය සුපිරි පන්දුවාරයක් කරා ඇදගෙන යාමට සමත් වූ නිසාවෙනි. සුපිරි පන්දුවාරයත් ලකුණු සම වූ අතර වැඩිම හයේ හා හතරේ පහර මත එංගලන්තය සිය මංගල ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් වුනා. හයේ හා හතරේ පහර ගණන මත තරගයේ තීරණය ප්‍රකාශ කිරීමට ලොව පුරා ප්‍රේක්ෂකයින් එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඒ නිසාම විනිසුරුවන්ට මෙන්ම තරග නිලධාරීන්ට ද විවිධ විවේචන එල්ල වුනා. මීට අමතරව හිසේ ආබාධ නිසා (concussion) පිටියෙන් ඉවත් වන ක්‍රීඩකයින් වෙනුවට ආදේශක ක්‍රීඩකයින් නම් කිරීම හා ස්වයංක්‍රීයව නිපන්දු ලබා දීම පිළිබඳවත් MCC ය සාකච්ඡා කර තිබුණි“WCC කමිටුව නිර්දේශ කර තිබුණා ඉනෙන් ඉහළින් යන පන්දු සඳහා නිපන්දු ලබා දීමට හා පිතිකරුවාගේ හිසට ඉහළින් යන පන්දුවලට වයිඩ් පන්දු ලබා දීමට පන්දුවේ ගමන් මාර්ගය තීරණය කරන මෘදුකාංගයක් භාවිතා කරන්නට. එම අවස්ථාවල දී නිවැරදි තීරණය ලබා දීමට විනිසුරුවන්ට අපහසු වන අතර එම තීරණය තාක්ෂණය මගින් ලබා දීම ඉතා පහසුයි.” මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබුණා.

කොදෙව් සංචාරය

ඉන්දීය පිළේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය යටතේ පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (12) අළුයම සමත් විය. ඒ “ශතක මැෂිම” ලෙස විරුදාවලි ලබා සිටින විරාත් කෝලි වාර්තා කළ තවත් විශිෂ්ට ශතකයක උපකාරයෙනි.ඊයේ රාත්‍රියේ පෝර්ට් ඔෆ් ස්පේන් හිදී මෙම තරගය ආරම්භ වූයේ ඉන්දීය කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමිනි. බැලූ බැල්මටම ලකුණු සහිත කදිම තණතිල්ලක් බව පෙනුනු නිසා නායක කෝලි තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටයි. කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ශිකර් ධවාන් පළමු පන්දුවාරයේ දීම දැවී යාමත් සමඟ කෝලිට වේලාසනින්ම පිටියට පැමිණීමට ද සිදුවිය. වර්තමාන ඉන්දීය පිළේ විශ්වාසනීයම පිතිකරු වන රෝහිත් ශර්මා ද ඊයේ දිනයේ රැස් කළේ ලකුණු 18ක් පමණි.වරින් වර ලකුණු අතරට පිවිසෙන තවමත් ජාත්‍යන්තර අත්දැකීම් අඩු රිශාබ් පන්ට් ඊයේ දැවී ගියේ ලකුණු 20කටයි. ඒ කාලෝස් බ්‍රත්වයිට්ගේ පන්දුවක් හමුවේ කෙලින්ම කඩුල්ල බිඳ වැටීම නිසයි. කෙසේ නමුත් ඉන්දීය පිතිපෙළ නාය යන මොහොතක ඊට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩ නගන්නට නායක විරාත් කෝලි සහ නවක ක්‍රීඩක ශ්‍රෙයාස් අයර් සමත් වූහ. ඒ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගමිනි. IPL තරගාවලියෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි ශ්‍රෙයාස් අයර් ඊයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය.මේ වනවිට ලොව එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල අංක එක ස්ථානයේ පසුවෙමින් ඊට තමා සුදුසු යැයි නිරන්තරයෙන්ම ඔප්පු කර පෙන්වන විරාත් කෝලි ඊයේ තම 43 වැනි ශතකය වාර්තා කර ගත්තේය. ඒ කණ්ඩායමට ඉතාමත්ම අවශ්‍ය මොහොතකදීයි. පන්දු 125කින් ඔහු ලබාගත් ලකුණු 120ට අලංකාර හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. කෝලි ඊයේ වාර්තා කරගත් ශතකයත් සමඟම ඔහු එක් කණ්ඩායමකට එරෙහිව නායකයෙකු ලෙස වැඩිම ශතක ගණනක් (06) වාර්තා කරගත් ක්‍රීඩකයා බවට ද පත්විය.ශ්‍රෙයාස් අයර් හැරෙන්නට අනෙකුත් ඉන්දීය පිතිකරුවන් අසාර්ථක වුවද කෝලිගේ මෙම ඉනිම නිසා ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 279ක් ලබා ගැනීමට ද හැකිවිය. පන්දු යැවීමේ දී පසුපෙළ පන්දු යවන්නෙකු ලෙස යොදාගත් කාලෝස් බ්‍රත්වයිට් ඊයේ දිනයේ කොදෙව් පිළේ සාර්ථකම පන්දු යවන්නා වූයේ ලකුණු 53ට කඩුලු 3ක් බිඳ හෙලමිනි. ප්‍රතිවාදී නායකයගේ කඩුල්ලද බිඳ වැටුනේ බ්‍රත්වයිට් පන්දු යැවීමට හඳුන්වාදීමෙන් අනතුරුවයි. මීට අමතරව කෝට්‍රල්, හෝල්ඩර් සහ චේස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.කොදෙව් පිළ මෙම ලකුණු පුවරුව හඹා යන අතරේ දී ක්‍රීඩාංගණයට වැසි පතිත වීම නිසා ඔවුන්ට පන්දුවාර 46කදී ලකුණු 270ක ඉලක්කයක් හිමිවිය. නමුත් පන්දුවාර 42ක් දක්වා පමණක් පිටියේ රැඳී සිටි ඔවුන් එහිදී රැස් කළේ ලකුණු 210ක් පමණි. කොදෙව් යෝධයා – ක්‍රිස් ගේල් ඊයේ ලකුණු 11කට දැවී යද්දී ඔහුගේ ආරම්භක පිතිකරණ සගයා වූ එවින් ලෙවිස් ලකුණු 65ක් ලබා ගත්තේය. ඒ විස්සයි විස්ස තරග අසාර්ථකත්වය එක්දින පිටියට රැගෙන නොඑමිනි.ලෙවිස්ගේ ඉනිම හතරේ පහර 8කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.නමුත් ඔවුන් පසුගිය කාලයේ සොයාගත් නවක පිතිකරුවන් ගොන්න මේ වනවිට ලකුණු අතර නොමැති නිසා කොදෙව්වන්ට මෙම ඉලක්කය හඹා යාමට නොහැකි විය. නිකලස් පූරන් පමණක් ලකුණු 42ක් ලබා ගත්තද බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ ඔහුට දිගු ඉනිමක් කරා යාමේ අවස්ථාව අහිමි විය. ශයි හෝප්, හෙට්මයර්, බ්‍රත්වයිට් ඇතුළු පිරිස නැවතත් තම වගකීම් අමතක කරමින් අඩු ලකුණු වලට දැවී ගියහ. පන්දු යැවීමේ දී ඉහළ දක්ෂතා දැක්වූ බුවනේශ්වර් කුමාර් කඩුලු 4ක් බිඳ හෙලද්දී මොහොමඩ් ශමී සහ කුල්දීප් යාදෙව් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.ඒ අනුව තරගය අවසන් වූයේ ඉන්දීය නායක විරාත් කෝලිට තවත් තරගයේ වීරයා සම්මානයක් හිමිකර දෙමිනි. ගයානා හිදී පැවති මෙම තරගාවලියේ පළමු එක්දින තරගය වර්ෂාවට සේදී යාම නිසා මේ වනවිට ඉන්දීය කණ්ඩායම තරග 1 – 0ක් ලෙස ඉදිරියෙන් පසුවෙයි. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් ඔවුන්ට මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයද ජය ගැනීමට සිදුවනු ඇත.ඉන්දියාව – කඩුලු 7ක් දැවී ලකුණු 279 (පන්දුවාර 50)
විරාත් කෝලි 120, ශ්‍රෙයාස් අයර් 71, රිශාබ් පන්ට් 20, රෝහිත් ශර්මා 18, කෙඩාර් ජාදෙව් 16, රවීන්ද්‍ර ජඩේජා 16*, කාලෝස් බ්‍රත්වයිට් 3/53, රොස්ටන් චේස් 1/37, ශෙල්ඩන් කෝට්‍රල් 1/49.බටහිර ඉන්දීය කොදෙව් – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 42)එවින් ලෙවිස් 65, නිකලස් පූරන් 42, ශිම්රන් හෙට්මයර් 18, රොස්ටන් චේස් 18, ශෙල්ඩන් කෝට්‍රල් 17, බුවනේශ්වර් කුමාර් 4/31, මොහොමඩ් ශමී 2/39, කුල්දීප් යාදෙව් 2/59.

පළමු තරගය මග හැරෙයි – චන්දිමාල් අවසන් 15ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් අද ( 09 ) ප්‍රකාශයට පත් කළේය.මෙම වසරේ පෙබරවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබුණ ද ඔහුට අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වීමට අවස්ථාවක් ලැබේද යන්න සැක සහිත බවක් උද්ගත වී තිබිණ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද පවසා සිටියේ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමට එක් වීමට අවස්ථාවක් ඇත්නම් එය කඩුලු රකින්නෙක් ලෙස පමණක් බවය. කෙසේ නමුත් මේ වනවිට පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දක්ෂතා අතර සිටින සධීර සමරවිකුම සහ ධනුෂ්ක ගුණතිලක පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන අවසන් සංචිතයට එක් නොකිරීමට තේරිම් කමිටුව පියවර ගෙන තිබේ. දිනේෂ් චන්දිමාල් මේ වනවිට කැනඩාවේ පැවැත්වෙන ගෝලිය විස්සයි 20 තරගාවලියට සහභාගී සිටින අතර ඔහු හැකි ඉක්මනින් නැවතත් කණ්ඩායමට එක් විමට නියමිතව ඇත.අකිල ධනංජය සහ ලසිත් ඇඹුල්දෙනිය පළමු ටෙස්ට් තරගය සඳහා නම්කර ඇති අතර දිල්රුවන් පෙරේරා ආබාධ වීම හේතුවෙන් පළමු තරගයට නම් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.ලෝක කුසලාන තරගාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල ද පළමු ටෙස්ට් තරගය සඳහා ඇතුළත්ව ඇත.පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය.දිමුත් කරුණාරත්න ( නායක ), ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු

ගැටලු කීපයක් සම්බන්ධයෙන්

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරුණු 6ක් පදනම් කරගෙන සිදු කරන ලද වෝහාරික වාර්තාව ඊයේ දිනයේ තමන් වෙත ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සතියක කාලයක් ලබා දී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළා.චන්දික හතුරුසිංහ ජාතික පුහුණුකරු ලෙස බඳවා ගැනීමේ දී අත්සන් කල කොන්ත්‍රාත්තුව ගැටලුකාරී එකක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයාද තමන් සමග පැවසූ බව ඇමතිවරයා පවසනවා.විශේෂයෙන්ම හතුරුසිංහ විසින් ඉල්ලා අස් වන්නේ නම් ඔහුගේ මාස තුනක වේතන නැවත ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහු ඉවත් කරන්නේ නම් අවුරුද්දක වැටුප් හතුරුසිංහට ගෙවීමට සිදු වන ආකාරයටත් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.තවදුර‍ටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා.ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු පිරිසක් පිළි ගන්නවා මේ කොන්ත්‍රාත්තුව ගැටලුකාරී කියලා. මේක පිළිගන්න අකමැති අය වෙන්න ඇති සමහරවිට මේ කොන්ත්‍රාත්තු අත්සන් කරල තියෙන්නෙ. එයාල අත්සන් කලා නම් එයාලමයි මේක ලිහ ගන්න ඕනි. හතුරුසිංහ එක්ක මගේ කිසිම පුද්ගලික තරහක් නෑ. ක්‍රීඩකයන්ට ගෙවන්නෙ තරඟ වල දක්ෂතාවය අනුව නම් පුහුණුකරුටත් ඒ ක්‍රමය අනුගමනය කලාට ප්‍රශ්නයක් නෑ.ඉන්දියාව, පකිස්‍තානය වැනි රටවල් පවා තමන්ගේ ක්‍රීඩා අවශ්‍යතාවය අනුව පුහුණුකරුවන් මාරු කිරීම සිදු කරන බවත් ලංකාවේ ෆේස්බුක් එකට අවශ්‍ය විදියට පුහුණුකරුවන් මාරු කිරීම කළ නොහැකි බවත් ඇමතිවරයා පවසනවා.විශේෂයෙන්ම මේ වන විට හතුරුසිංහ තම ගිවිසුම් ප්‍රකාරව ක්‍රියා නොකිරීම ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබුණද හතුරුසිංහ පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමේ කිසිඳු අදහසක් නොමැති බවත් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා අවධාරණය කරනවා.කෙසේ වෙතත් පසුගිය කාලයේ ඔහු ක්‍රීඩකයන් සමග සබඳතා පැවැත්වූ ආකාරයත් මේ සඳහා බලපෑම් කලත් ලෝක කුසලානය අතර පවා ඔහු තනි නොකර අවශ්‍ය සහයෝගය ලබා දුන් බව ඔහු පෙන්වා දෙනවා.තමන් මේ සම්බන්ධයෙන් කිසිඳු බලපෑමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත් පුහුණුකාර ධුරයට පත් කල යුත්තේ කවුදැයි පුද්ගලික අදහසක් තමා තුළ නැති බවත් ඇමතිවරයා අවධාරණය කරනවා. එමෙන්ම එම සියළු තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගනු ලබන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ගැලපෙන අය නැතිනම් මම යනවා

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමට නායකයා හැටියට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් ඉල්ලා සිටින බවත් එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් බායි කියා යන බවත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග පැවසීය.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් පසුව මාලිංග මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.ඔබේ අවසන් තරගයේදී කඩුලු තුනක් දවාගැනීම පිළිබඳව හිතෙන්නෙ මොකක්ද?මට පුදුම සතුටක් තියෙනවා. කඩුලු දවාගත්තට වඩා මගේ අවසන් තරගය නරඹන්න ප්‍රේක්‍ෂකාගාර පිරෙන්න හිටියා. ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.අපි පළමු පන්දු ඕවර 10 තුළ කඩුලු දෙකක් දවාගන්න උත්සහ කරනවා. තරගයක් ජයග්‍රහණය කරන්න නම් ස්ථාවර වෙන්න ඕනේ. මම හැමදාම උත්සහ කළේ ඒ දේ. සමහර අවස්ථාවල සාර්ථක වුණා. සමහර අවස්ථාවල අසාර්ථක වුණා.කඩුලු තුනක් දවාගෙන මගේ අවසන් තරගය ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා මම හිතනවා ගොඩක් සතුටින් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්න ලැබුණා කියලා”ළහිරු කුමාර කඩුල්ල දවාගැනීමෙන් පසුව ඔබ දෙස බලමින් තමයි සතුටු වුණේ. ඒකට හේතුව මොකක්ද?ඔහු තාම තරුණ ක්‍රීඩකයෙක්. ඔහුගේ හැකියාව තාම ඔහුත් දන්නේ නෑ.අපි ගොඩක් ක්‍රිකට් ගහලා තියෙන නිසා පිතිකරුවා හැසිරෙන ආකාරයට මට හිතෙනවා මෙයා මේක තමයි කරන්න හදන්නෙ කියලා. වනිඳුව තර්ඞ්මෑන් එකට දාලා මම මිඞ්ඕන් එකට ආවේ අලුත් ක්‍රීඩකයක් වන ළහිරුට උදව් කරන්න පු`ඵවන්නම් හොඳයි කියලා හිතුන නිසයි.ඒ නිසා මම ඔහුට උපදෙසක් දුන්නා. ඔහු එය උත්සහ කළා සාර්ථක වූණා. ඔහු ඒ නිසා මා දිහා බලලා කඩුල්ල දවාගැනීමේ ප්‍රීතිය සැමරුවා. මම ඉගෙනගත්ත දෙයක් දීලා යන්න ඕනෙ. මම අද විතරක් නොවෙයි හැමදාම මොකක්ද වෙන්නෙ, පිතිකරු හසිරෙන්නෙ කොහොමද, මොකක්ද කරන්න ඕනේ කියන දේවල් ටික ටික කියලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් දකින විට මට හිතෙනවා මම සාර්ථකයි. ඒ වගේම සතුටුයි”

නිසි ප්‍රතිකාර ගන්න හැටි

සමහරුන්ගේ නියපොතු හැඩට ලස්සනට කපලා, කියුටෙක්ස් ගාලා බලන්න ආසාවේ දිලිසි දිලිසි තියෙනවා. තවත් සමහරකුගේ නියපොතු අවපැහැ ගැහිලා කිසි පිරිසුදුවක් හෝ සාත්තුවක් නැතිව ඔහේ තියෙනවා. ඔය අතරේදී එවන් අය තමන්ගේ හැඩට ලස්සනට තියෙන අතැඟිලි අතරින් එක් ඇඟිල්ලක් දෙකක් හෝ කිහිපයක් නිතරම හංගාගෙන ඉන්න හෝ නවාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ ඇඟිල්ල හෝ ඇඟිලි කිහිපය කාටත් පෙන්නන්න කැමැති නැතුවා වගේ කියලා කොයි කාටත් තේරෙනවා. හේතුව ඒ නියපොත්ත හැඩ නෑ. ලස්සන නෑ. නියපොතු රෝගයක් හැදිලා අවපැහැ ගැහිලා. වළගොඩැලි හැදිලා. පැත්තෙන් කළු වෙලා. අවලස්සන වෙලා. පාදයේ නියපොතු ගත්තත් ඔය වගේ වෙනස්වීම් දක්නට තියෙනවා. ඉතින් ඒ වෙනස හින්දාම එය සඟවාගන්න ඔබ උත්සාහ කරනවා. ඉතින් ඔබ වෙනුවෙන් අපි අද නියපොතු ගැන කතා කරනවා. ඔබගේ ඇඟිල්ලේ නියපොත්තේ නියමූලයේ පිට සිවිය ගැලවී ගොස් රත් පැහැයෙන් යුක්තව ඉදිමීම් ස්වභාවයක් ගන්නේ නම් නියමූලයේ කහ පාටින් සැරව පිරී තියෙනවා නම් නියපොතු දුඹුරු හෝ අවපැහැවී වළ ගොඩැලි හා මුදුන් වැටිවලින් යුක්ත විකෘති ස්වභාවයක් ගන්නේ නම්, නියපොත්ත පැත්තකින් තරමක් කළු පැහැවී දිගින් දිගටම එසේම පවතී නම්, නියපොත්තේ පිහිටීම් ස්වභාවය වෙනස් වී එය ගැලවීයෑමට මෙන් මඳක් ඉස්සී තිබේ නම් ඒවා නිසැක රෝගී තත්ත්වයක් බව වටහා ගන්න. එය කිසිවිටෙක නිරෝගී නියපොත්තක් නොවන බවත් වටහා ගන්න. නියපොත්තේ අලුතෙන් වැඩෙන කොටස මෙහෙම නොවී හරියයි හරියයි කියලා ඔබ බලා ඉන්නවා. නමුත් නියපොත්තේ වැඩීම සමඟ වෙනස් ලක්‍ෂණ දිගටම පවතිනවා මිස මඟහැරී යන්නේ නැහැ. සමහර විට මෙහිදී ඇඟිලි තුඩු ඇල්ලීමට නොහැකි ලෙසට තද වේදනාවකින් ද යුක්ත වෙනවා. මෙම රෝගී තත්ත්වය නියබිරිත්තාව හෙවත් නියමූල ප්‍රදාහය ලෙස හඳුන්වනවා. නඛරමූල ප්‍රදාහය නමින් හඳුන්වන්නෙත් මෙම රෝගයයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පැරනොකියා Paranychia නමින් හදුන්වනවා. හැඩට නියපොතු කපන්න. කියුටෙක්ස් ආලේප කරන්න. නියපොතු මත චිත්‍ර ඇඳගන්න. විලාසිතා කරන්න. රූපලාවණ්‍ය කරන්න. එහි ගැටලුවක් නැහැ. නමුත් මෙඩික්‍යු පෙඩික්‍යු නමින් හඳුන්වන දෑත් හා දෙපා අලංකරණය යැයි කියනා ක්‍රමයේදී කියුටිකල් කටර් නම් උපකරණය මඟින් කරන නියමූල සුද්ද කිරීම නොකළ යුතුයි. එය කිසිවිටෙකත් නොකළ යුතු ඉතා අනතුරුදායක ක්‍රියාවක්. ස්වාභාවිකව වැඩෙන නියපොත්තේ වර්ධක හා ආරක්ෂක ස්ථරය වන නියමූලය සූරා දැමීම මොන තරම් පිස්සු සහ විකාර සහගත ක්‍රියාවක්ද? නියමූලය සූරාදමා ඒ මත රසායන දියරක් ගැල්වීම එහි සංවේදී බව විනාශ කරන්නක්. නියපොත්තේ ස්වාභාවික ආරක්ෂාව අහිමිවීම හේතුවෙන් දිලීර හා බැක්ටීරියා ආසාදනවලටද ලක්විය හැකියි. ඊට අමතරව කාලයක් ගියපසු නියමූල පිළිකා යන දරුණු රෝග තත්ත්වයටද සමහරවිට මුහුණදීමට සිදුවිය හැකියි. නියපොතු කැපීමට යෑමේදී හෝ වෙනයම් ආකාරයකින් නියමහ තුවාල වීම සිදුවුවහොත් එය සුව වන තුරු එම අතැඟිලි හැකි පමණ වියළිව තබා ගන්න. නියමල ප්‍රදාහය හෙවත් නියබිරිත්ත රෝගයේදී “සුළු සැත්කමක්” ලෙස හඳුන්වන සැත්කමක් මඟින් නියපොත්ත ගලවා දැමීම හෝ කපා දැමීම අවශ්‍ය නොවන බව මතක තබා ගන්න. ගලවා දැමූ නියපොත්ත වෙනුවට අලුතෙන් වර්ධනය වන නියපොත්ත වඩාත් විකෘති ස්වභාවයක් ගැනීමට ඉඩ ඇති අතර එය ඔබගේ බලාපොරොත්තු කඩවීමක් විය හැකියි. සමහරවිට එම නියපොත්ත නැවත කිසිදා වර්ධනය නොවීමද සිදුවිය හැකියි. නමුත් ඔබ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් කිසිදු කැපීමකින් හෝ නියපොත්ත ගලවා දැමීමකින් තොරව නියමූලයට සිදුකරන පෝෂණීය ප්‍රතිකාරය තුළින් නියපොත්තේ කඩතොලු හෝ විකෘති ස්වභාවය මඟහරවා ගත හැකි වනු ඇත. එය බලාපොරොත්තු කඩවීමක් නොවනු ඇත. එබැවින් වඩාත් විශ්වාසයෙන් යුතුව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් නියඹිරිත්තාව රෝගය සුවකර ගන්න. පෝෂණීය හා අලංකාර අතැඟිලි නියපොතු සමඟ ජීවිතයට මුහුණ දෙන්න.

අවුරුදු 3-4 පමණ කාලයේදී

යවපඛ්‍යා රෝගය වෙනස් රෝග ලක්ෂණ සහිත වෙනස්ම රෝගයක්. සමාජයේ බහුලව පැතිරී නොමැති රෝගයක්. රෝගය ආරම්භය කෙනකුගේ ළමා කාලය දක්වා දිව යනවා. වයස අවුරුදු 3-4 පමණ කාලයේදී රෝග ලක්ෂණ පහළවීම දැකගත හැකියි. ප්‍රථමයෙන් රෝග ලක්ෂණ පහළ වන්නේ පිට ප්‍රදේශයේයි. සමහර විට බඩ හා පපුව ප්‍රදේශයේත්, බෙල්ල හා අත් යට ප්‍රදේශයේත් රෝග ලක්ෂණ මතුවීම ආරම්භ විය හැකියි. ඒවා ළා දුඹුරු පැහැති තිත් වශයෙන් ප්‍රථමයෙන්ම දැකගත හැකියි.ලබාදෙන සත්කාර හේතුවෙන් මෙම රෝග ලක්ෂණ සමහරවිට නැතිවී යනවා හෝ සමහර විට සම යටට යනවා හෝ විය හැකියි. මෙම රෝග ලක්ෂණ සමඟ ශරීරයට කිසිදු පීඩාවක් හෝ වෙනසක් නොදැනීම විශේෂත්වයක්. මෙසේ පිහිටි දුඹුරු පැහැති ලප ක්‍රමයෙන් ගැටිති බවට වර්ධනය වෙනවා. සමට යටින් බාර්ලි ඇට වැනි ගැටිති හටගන්නවා. මේවා අතින් ස්පර්ෂ කළ විට වඩාත් මෘදු ගතියක් දැනෙනවා. කාලයක් යන විට මෙම ගෙඩි මුළු ශරීරය පුරාම පැතිරීම සිදුවෙනවා.යවපඛ්‍යා රෝගයේදී සෑදෙන ගෙඩි ආකාර 3කට වර්ග කළ හැකියි. එනම් බාහිර ස්නායු කෙළවර හටගන්නා ගෙඩි, සමට පිටතින් හටගන්නා ගෙඩි සහ ගසක ඵල මෙන් නටු සහිතව එල්ලා වැටෙන ගෙඩි වශයෙන්. බාහිර ස්නායු කෙළවර හටගන්නා ගෙඩි වඩා තද ස්වභාවයක් ගන්නවා. සමට පිටතින් හටගන්නා ගෙඩි මෘදුව එල්ලා වැටෙන ස්වභාවයෙන් පවතිනවා. ස්පර්ශයට මෘදු වන අතර තෙරපූ විට සමතුළ පවතින සිදුරක් තුළට ඇතුළුවන්නා ලෙස දැනෙනවා.සෙ.මී. 1/2ක සිට සෙ.මී. 2 දක්වා ප්‍රමාණයකට වර්ධනය වන මේවා ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවෙනවා. ගසක ඵල මෙන් නටු සහිතව එල්ලා වැටෙන ගෙඩි ඉතා සුළු වශයෙන් දැකගත හැකි අතර ඒවා අතිශයින් විශාලව සමහරවිට රාත්තල් ගණන් බරට පවා ඇතිවිය හැකියි. නමුත් මෙම විකෘති වර්ධන ස්වභාවය පිළිකා රෝග තත්ත්වයක් නොවන බව වටහා ගත යුතුයි.යවපඛ්‍යා රෝගය පාරම්පරික රෝගයක්. එබැවින් මේ සඳහා තමන් ජීවත්වන පරිසරය හෝ වෙනත් චර්යාත්මක වෙනස්කම් බලපාන්නේ නැහැ. මෙම රෝගය සෑදුණු යමකුගේ පවුලේ කීප දෙනකුට හෝ පරම්පරාවේ කිහිප දෙනකුට මෙම රෝග ලක්ෂණ ඇති වී තිබිය හැකියි. එසේ නොවේ නම් පෙර පරම්පරාවකට මෙම රෝගය සෑදී තිබිය යුතුයි. එමෙන්ම යවපඛ්‍යා රෝගයේ රෝග ලක්ෂණ වෙනත් කිසිදු රෝගයකට සමාන වන්නේ නැහැ. වෙනත් කිසිදු චර්ම රෝගයකදී දක්නට නොලැබෙන ආකාරයට බාහිර සම විකෘති වීම හා හඳුනාගත නොහැකි පරිදි වෙනස්වීම මෙම රෝගය නිසා සිදුවෙනවා.රෝග ප්‍රතිකාර වශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේදී සිදු කරන්නේ සමෙහි ගෙඩි හා ගැටිති කපා ඉවත් කිරීමයි. එහෙත් එසේ ඉවත් කළ ස්ථානවලින් නැවත පොකුරු ආකාරයට ගෙඩි හා ගැටිති ලියලා වැඩීම දැකගත හැකියි. එවිට නැවත නැවතත් කපා දැමිය යුතුයි. එය ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කක් බව පැහැදිලියි. එමෙන්ම මුහුණ ආශ්‍රිත තත්ත්වයකදී මෙය කෙසේවත් දිගින් දිගට සිදුකළ නොහැකියි.යවපඛ්‍යා රෝගයේ සමෙන් පිටතට එල්ලා වැටෙන ගෙඩි හා ගැටිති ඉවත්කර ගැනීම සඳහා ඉතා විශ්වාසයෙන් යුතුව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි. කෂාය වර්ග, පැලැස්තර හා ආලේපන වර්ග මඟින් ගැටිති හකුළුවා හරින අතර පිටතින් එල්ලා වැටෙන ගෙඩි මූල්‍ය මෘදුකර ක්‍රමයෙන් හැලී යෑමට සලස්වනවා. ඉන්පසුව ලප කැළැල් මඟහරිනා ඔෟෂධ ලබා දෙනවා. කිසිදු අවදානමකින් තොරව නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවිය හැකියි.

භාවිතා කරන්න එපා

අපි මීට පෙර තැඹිලි ගැන කතා කරපු ලිපියේ pH අගය ගැන කතා කලා නේද? pH අගය වැඩිවෙන්න වැඩි වෙන්න තමයි මේදය හොදින් දිය වෙන්නේ. අපි රෙදි වල තැවරෙන කුණු බොහෝ විට මේදයේ දියවෙන ඒවා. වාහන වලින් පිටවෙන දුම වගේ ඒවා තමයි බොහෝවිට මේ කුණු විදිහට තියෙන්නේ. කොලර් එකේ තියෙන කුණු කවුරුත් දන්නවානේ. ඉතිං වොෂිං පවුඩර් නිශ්පාදනය කරන අයට වෙලදාම තියෙන්නේ මේ කුණු ඉක්මණින් ඉවත් කරලා දෙනවා නම් තමයි. මේ නිසා මේ අය කරන්නේ පුුලුවන් තරම් pH අගය වැඩි දෙයක් මේ පවුඩර් වලට එකතු කරනවා. ඉතාමත් ඉක්මනින් මේ වැඩේ කරන්න පුලුවන් රසායනිකයක් තමයි බ්ලීච් කියන්නේ. ලාබයිත් එක්ක. ඒවා කොපමණ සිරුරට අහිතකරද කියන එක මේ කියවන ඕනිම කෙනෙක් දන්නවා. ඒත් ඉතිං කුණු පිටිං ඉන්නද නේද?කමක් නැහැ කුණු පිරිසිදු කරගත්තට. මම මේ කියන්න හදන්නේ වෙනත් කතාවක්. ඒක කිව්වහම නම් ටිකක් බය හිතෙන්නත් පුලුවන්. ඒත් බය වෙලා වැඩක් නැහැනේ පිලියමක් තමයි සොයා ගන්නයි ඕනි.අපි අපේ සියලුම ඇදුම් එකම භාජනයකට දාලා වොෂිං පවුඩර් දාලා සෝදනවා. පස්සේ මේවා හොදලා පිරිසිදු වතුරෙන් දෙතුන් පාරක් සෝදනවා. ඉන් පසු මිරිකලා හෝ ඩ්‍රයර් එකක දාලා හෝ වේලා ගන්නවා. ඔබ දන්නවාද මේ රෙදි වල අර පවිත්‍රකාරක තවම තියෙනවා කියලා. නැවතත් මේ රෙදිටික පිරිසිදු වතුරට දැම්මා නම් බලාගන්න තිබුනා. එහි ඇති භයානකත්වය තමයි ඔබගේ යට ඇදුම් වල තවමත් මේ 14 ක පමණ pH අගයක් ඇති පවිත්‍රකාරක තියෙනවා. ඒ ඇදුම් අතර ස්පොන්ජ් තියෙන බ්‍රෙෂියර්ද තියෙන බව රෙදි සෝදන අය දන්නවා. මේවා වල වැඩියෙන් මේ පවිත්‍රකාරක ඉතිරි වෙනවා. කෙලින්ම ඉර මුදුන් වෙන, ගොඩක් දාඩිය දාන රටක ජීවත් වෙන අපි අපගේ ඉතාමත් සංවේදී අවයව වලට කිටි කිටියේ තදවන ලෙසට මේ ඇදුම් ඇදගෙන යනවා. ඒවා ගලවන්න වෙන්නේ රෑට ගෙදර ඇවිල්ලා. ඉතිං පැය දොලහක් විතර දාඩියට අර පවිත්‍රකාරක දියවෙලා ශරීරයට ස්ඵර්ෂ වෙනවා. හිතලා බලන්න මොනවගේ ව්‍යසනයක් මේ කාරණාව සමග බද්ධ වෙලා තියෙනවාද කියලා. දරුවාට කිරිදෙන මව්වරුන්ද මේ ගැන සිතා බලන්න. මම එකින් එක දැන් කියන්න අවශ්‍ය නැහැනේද?අපි කවදාවත් ලදරුවන්ගේ ඇදුම් රින්සෝ දාලා සෝදන්නේ නැහැ නේද? ඒවා සෝදන්නේ බේබි සබන් වලින්මයි. ඇයි ඒ. ඉතිං ඒ දරුවට කිරි දෙන තන පුඩු වලට ඒ ආරක්ෂාව අවශ්‍ය නැද්ද? බසයේ යන ගමන් තම දරුවන්ට කිරි දෙන මවුවරුන් මේ ගැන සිතිය යුතු නැද්ද? එසේ නම් මේ යට ඇදුම් සෝදන්න අපි භාවිතා කල යුත්තේ මොනවගේ ක්‍රමයක්ද? ඔබම සිතා බලන්න. පියයුරු පිලිකා මේ තරම් වැඩිවන්නට මෙය හේතුවක් නොවේ යැයි ඔබට සිතිය හැකිද? කුඩා ළදරුවන් මේ තරම් රෝගී වෙන්නට මෙයත් හේතුවක් යැයි ඔබට සිතන්නට නොහැකිද?මෙයින් යම් තරමක් දුරට මිදෙන මාර්ගයක් දැන් ඔබගේ සිතට තේරී අවසන්. එසේ නම් අද පටන් ඔබගේ යට ඇදුම් සොදන්නට බේබි සබන් කැටයක් තියාගන්නට සිතුවා කියා මම හිතනවා.තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ගැනත් කතා කරමු.මේ කුණු දියවෙන්නේ මේදයේ නිසාත් මේදය දිය කල හැක්කේ භාෂ්මික මාධයයක නිසාත් බ්ලීච් වැනි විෂ රසායනික යොදාගෙන රෙදි සෝදන බව අපි කතා කලා. ඔබට සිතන්නට හැකිද අපගේ ශරීරයේ මේදය ජිරණය කරන්නේ කෙසේද කියලා. එය සිදු කරන්නේ එන්සයිම වල ආධාරයෙන්. ඉතිං අපිට රෙදි සෝදන දියරයක් හදාගන්නට පුලුවන් නම් එන්සයිම වලින් නිශ්පාදනය කල, මේ ගැටලුව අවසන් කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම කලා නම් මේ ගැටලුව අවසන්. මේ රටේ තියෙනවා එසේ හදපු වොෂිං ලික්විඩ්. ලීටර් එකක් සාමාණ්‍යෙයන් ඩොලර් 30 ක් විතර වෙනවා. ටිකක් ගණං තමයි. ඒත් එය මාස දෙකකට විතර ඇති. අපි අපේ පවුලෛ් සියලු දෙනාගේම යට ඇදුම් සෝදන්නට ගන්නේ මේ වොෂිං ලික්විඩ් එක. එය ඉතා ආරක්ෂිත ක්‍රමයක්. ඒත් ලංකාවේ අපට අදටත් එවැනි ක්‍රමයක් මම දන්නා තරමට නැහැ. තියෙනවා නම් දන්න කෙනෙක් කියා දෙන්න. ඉතාමත් වැදගත් වෙයි හැමෝටම.යමක් දැනගත්තා නම් ෂෙයාර් කරලා තවත් අයට දැනගන්නට සලස්වන්න. ප්‍රශ්න ඇත්නම් පහතින් කතා කරමු.මෙත් සිතිනි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (7) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගාවලිය මෙයයි.මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වමත් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද මේ ක්‍රීඩකයින් විසි දෙදෙනාගේ මූලික සංචිතය සඳහා ඇතුළත් කර තිබේ. මේ වසර ආරම්භයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දී චන්දිමාල් හා මැතිව්ස් හට ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට නොහැකි විය. මැතිව්ස් හට තරගාවලිය මඟ හැරී ගියේ ආබාධයකට ලක්වීම නිසයි. චන්දිමාල් මේ වන විට ග්ලෝබල් T20 තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් කැනඩාවට ගොස් සිටියි.කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ පසුව පැවති පළමු ටෙස්ට් තරගාවලියේ දී ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0ක සුපිරි ජයක් ලබාගැනීමට සමත් විය.ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය. ,ගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. ,අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.,අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.,සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. ,සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.,සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.

වැඩබලන පුහුණුකරු

රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.ඒ, එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහායි.ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඒ බව සදහන් කළා.කෙසේ වෙතත්, මීට පෙර වාර්තා වූයේ ජෙරොම් ජයරත්න මහතා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි.මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා එම ධූරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සදහා මේ වන විට නීති සහය ලබා ගනිමින් සිටින බව ද ශම්මි සිල්වා මහතා සදහන් කළා.2020 වසරේ දෙසැම්බර් මාසය වන තුරු ඔහු සමග අත්සන් කළ කොන්ත්‍රාත් ගිවිසුම වලංගු වීම ඊට හේතුවයි.පුහුණුකරුවන් පත් කිරීමේ ක්‍රම‍වේදයේ දී යම් අත්වැරදීම් සිදුව ඇති බවත්, ඒවා සකස් කර ගැනීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.(“කඩුලු රකිනවනම් විතරයි චන්දි ගහන්නේ” ආරම්භක පිතිකරුවා ගැනත් දිමුත් පහදයි)ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් නවසීලන්තයට එරෙහි අවසන් 15 දෙනාගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවුවහොත් ඔහුට කණ්ඩායමට ක්‍රීඩා කළ හැක්කේ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළා.ළහිරු තිරිමාන්න හෝ ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස තමා සමග ක්‍රීඩා කරනු ඇති බවයි දිමුත් කරුණාරත්න එහිදී කියා සිටියේ.මේ අතර, නවසීලන්තයට එරෙහි ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචියට දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා නම් කළ ද ඔහු තවමත් ආබාධ තත්ත්වයක පසුවන බව දිමුත් පෙන්වා දුන්නා.ඒ හේතුවෙන් නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඔහුට ක්‍රීඩා කළ නොහැකි බවත්, අවශ්‍ය වුවහොත් දෙවැනි ටෙස්ට් තරගයට කැදවන බවත්, ඔහු සදහන් කළා.පළමු තරගයේ දී කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා සහ දිල්රුවන්ගේ ආබාධ තත්ත්වය පිළිබද අධ්‍යනය කර එම තීරණය ගැනීමට සිදුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා අවධාරණය කළේ.දිමුත් වැඩිදුරටත් කියා සිටියේ දෙවැනි තරගයට දිල්රුවන් පෙරේරාගේ අවශ්‍යතාවයක් ඇති නොවුනහොත් ඔහු සම්පූර්ණ සුවය ලබා එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා ඇතුළත් වනු ඇති බවයි.